
ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ඉහළ නංවන්නැයි ඉල්ලීමක්
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෙල ආරක්ෂා කිරීම අනිවාර්ය කළ යුතු බව ඔස්ට්‍රේලියානු විශේෂඥයන් පවසනවා.
පසුගිය අගහරුවාදා පුහුණු සැසියකදී පන්දුවක් ගෙලෙහි වැදීමෙන් මෙල්බන් පදිංචි 17 හැවිරිදි තරුණ ක්‍රීඩක බෙන් ඔස්ටින් මිය යාමේ සිද්ධිය මීට ආසන්නතම හේතුවයි.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දැනට අනිවාර්ය වගකීම් වලින් බැහැර කර ඇති අතර, ක්‍රිකට් ඔස්ට්‍රේලියා විසින් හිස්වැසුම් සහ ගෙල ආරක්ෂාව පමණක් දැඩි ලෙස නිර්දේශ කරනවා.
2014 දී සිදුවූ ක්‍රිකට් කඥ්රීඩක ෆිලිප් හියුස්ගේ මරණය පිළිබඳ මරණ පරීක්ෂණය, 2023-24 දී ක්‍රිකට් ඔස්ට්‍රේලියා විසින් වේගවත් හෝ මධ්‍යම වේග පන්දු යැවීමට මුහුණ දෙන පිතිකරුවන් සඳහා නියම කරන ලද ගෙල ආරක්ෂකයන් පිළිබඳ වැඩිදුර පර්යේෂණ සඳහා හේතුවුණා.
2019-20 දී, ක්‍රිකට් ඔස්ට්‍රේලියා එහි තරග සහ පුහුණු සැසිවලදී පිතිකරණයේදී, කඩුල්ල දක්වා කඩුලූ රැකීමේදී සහ පිතිකරුවා අසල පන්දු රැකීමේදී බ්‍රිතාන්‍ය සම්මත හිස්වැසුම් ද අනිවාර්ය කරනු ලැබුවා.
ක්‍රිකට් සාපේක්ෂව ආරක්ෂිත ක්‍රීඩාවක් වූ අතර බරපතල තුවාල හා මරණ අතිශයින් දුර්ලභ වුවද, ආරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම ස්ථරයකදීම ගෙල ආරක්ෂා කිරීම අනිවාර්ය කළ යුතු බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
Share This Post
