Where the Life Meets Cricket

info@cricketlk.com

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය මෙවර WTC ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

2025 – 27 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
 
ඒ අළුබදුන ටෙස්ට් තරගාවලිය තරග 3 – 0 ක් ලෙස ජය ලැබීමත් සමඟයි.
 
මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගී වූ තරග 06 ම ජයගෙන අපරාජිතව පෙරමුණේ පසුවනවා.
 
ශ්‍රේණිගත කිරීමේදී දෙවන ස්ථානය නවසීලන්ත කණ්ඩායම වෙත හිමිව තිබෙනවා.
 
ඒ ඊයේ (22) අවසන් වූ කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 2 – 1 ක් ලෙස ජය ගැනීමත් සමඟයි.
 
පසුගිය තරගාවලියේ ශූරතාවය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායමට මෙවර ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය හිමිව තිබීම ද විශේෂත්වයක්.
 
මේ අතර මෙම ප්‍රසාද ලකුණු සටහනේ හතරවන ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත හිමිව තිබෙනවා.

Share This Post

Post a comment

2 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *