Where the Life Meets Cricket

info@cricketlk.com

ඔස්ට්‍රේලියාව පරදවා ඉන්දියාව කාන්තා ලෝක කුසලානයේ අවසන් තරගයට

මෙවර කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද (30) සමත් වුණා.

 

ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 05 කින් පරාජයට පත්කිරීමත් සමඟයි.

 

නවි මුම්බායි හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

 

ඒ අනුව, ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49 පන්දු 05 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 338 ක් රැස්කළා.

 

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ යොවුන් ක්‍රීඩිකා Phoebe Litchfield ලකුණු 119 ක් රැස් කිරීමට සමත් වුණා.

 

Ellyse Perry ලකුණු 77 යි.

 

ලකුණු 339 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 03 ක් තුළ කඩුලු 05 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

 

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිම් ක්‍රියාත්මක කළ Jemimah Rodrigues නොදැවී ලකුණු 127 ක්ද නායිකා Harmanpreet Kaur ලකුණු 89 ක් ද රැස්කිරීමට සමත් වුණා.

 

මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා (02) ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර නේවි මුම්බායි හිදී පැවැත්වීමට නියමිතයි.

Share This Post

Post a comment