Where the Life Meets Cricket

info@cricketlk.com

ඔස්ට්‍රේලියාව පරදවමින් ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 08 වටයට

ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 08 කින් පරාජයට පත්කරමින් මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයෙන් සුපිරි 08 දෙනාගේ තරග වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) සමත් වුණා.
 
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
 
ඒ අවසරයෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 181 ක් රැස්කළා.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂාන් හේමන්ත ලකුණු 37 කට කඩුලු 03 ක් බිඳහෙලීමට සමත් වුණා.
 
ලකුණු 182 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 ක් තුළ එම ඉලක්කය සාර්ථකව පසුකර ගියා.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක සිය දෙවන ජාත්‍යන්තර පන්දුවාර 20 ශතකය රැස්කිරීමට සමත් වුණා.
 
මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයක දී ඔස්ට්‍රේලියාව පරාජයට පත්කළේ වසර 17 කට පසුවයි.
 
තරගයේ වීරයා සම්මානය පැතුම් නිස්සංකට හිමිවුණා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *