Where the Life Meets Cricket

info@cricketlk.com

ඔස්ට්‍රේලියාව එරෙහි තුන්වන T20 තරගයෙන් ඉන්දියාවට කඩුලු 05 ක ජයක්

ඔස්ට්‍රේලියාව එරෙහි තුන්වන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 05 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (02) සමත් වුණා.

 

ටස්මේනියා නින්ජා ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

 

ඒ අවසරයෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 186 ක් රැස් කළා.

 

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටිම් ඩේවිඩ් ලකුණු 74 ක් සහ මාකස් ස්ටොයිනිස් ලකුණු 64 ක් රැස් කිරීමට සමත් වුණා.

 

ලකුණු 187 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 03 කදී කඩුලු 05 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

 

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක යෙදුණු වොෂින්ටන් සුන්දර් නොදැවී ලකුණු 49 ක් රැස්කළා.

 

තරගයේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියා ඉනිමේ ලකුණු 35 ට කඩුලු 03 ක් බිඳහෙලූ ආර්ෂ්දීප් සිං ට හිමිවුණා.

 

ඒ අනුව තරග 05 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 1 – 1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවනවා.

 

දෙරට අතර හතරවන විස්සයි විස්ස තරගය නොවැම්බර් 06 වනදා ගෝල්ඩ් කෝස්ට් හීදී පැවැත්වීමට නියමිතයි.

Share This Post

Post a comment