මෙවර IPL තරගවලියේ සමාරම්භක තරගය අද (28) රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු සහ සන්රයිසස් හයිද්රාබාද් යන කණ්ඩායම් අතර ශ්රී ලංකා වේලාවෙන් රාත්රී 7.30 ට බැංගලූරු හි M. චින්නස්වාමි ක්රීඩාංගණයේ දී ආරම්භ වනවා.
සන්රයිසස් හයිද්රාබාද් කණ්ඩායම ඉෂන් ක්රිෂන් ගේ නායකත්වය යටතේ මෙවර තරගාවලියේ මුල් තරග සඳහා ක්රීඩා කරනවා.
එමෙන්ම, එෂාන් මාලිංග සහ කමිඳු මෙන්ඩිස් සන්රයිසස් හයිද්රාබාද් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත අතර බොහෝදුරට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ අද තරගය සඳහා ක්රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම Rajat Patidar ගේ නායකත්වය යටතේ ක්රීඩා කරන අතර ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක නුවන් තුෂාර එම සංචිතයට ඇතුළත්.
කෙසේවෙතත්, තවමත් ඔහුට තරගාවලිය සඳහා ක්රීඩා කිරීමට නිල අවසරය (NOC) හිමිව නැහැ.