Where the Life Meets Cricket

info@cricketlk.com

එලීස් පේරි සහ ඇනබෙල් සදර්ලන්ඩ් 2026 කාන්තා IPL තරගාවලියෙන් ඉවතට

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙපළක් වන එලීස් පේරි සහ ඇනබෙල් සදර්ලන්ඩ් 2026 කාන්තා IPL තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

 

ඒ ඔවුන්ගේ පුද්ගලික හේතුවක් මත බවටයි මාධ්‍ය වාර්තා පළ වන්නේ.

 

එලීස් පේරි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ ඇනබෙල් සදර්ලන්ඩ් දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් නියෝජනය කිරීමටයි නියමිතව තිබුණේ.

 

සදර්ලන්ඩ් වෙනුවට ඇලනා කිං සහ පේරි වෙනුවට සයාලි සත්ගාරේ කණ්ඩායම් දෙක විසින් සිය සංචිත වෙත ආදේශ කර තිබුණා.

 

ඊට අමතරව DP Warriorz කණ්ඩායමට ඇතුළත්ව සිටි ටාරා නොරිස් ට ද මෙවර IPL තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

 

ඒ 2026 කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම තරග වටය සඳහා ඇයට ක්‍රීඩා කිරීමට සිදුවන නිසාවෙනි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *