Where the Life Meets Cricket

info@cricketlk.com

එදා මෙදා තුර මත් රකුසාට ගොදුරුවූ ක්‍රිකට් තරු

මේ වනවිට ලොවටම පිළිලයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය ක්‍රිකට් ක්ෂේත්‍රය ද ආක්‍රමණය කර තිබෙනවා.

එහි ආසන්නතම සිදුවීම සිම්බාබ්වේ දේශයෙන් වාර්තා වූයේ දක්ෂ පිතිකරුවෙකු වන ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක්වීමයි.

ඉතිහාසය විමසා බැලීමේදී දක්ෂ සහ ප්‍රවීණ ක්‍රීඩකයන් ගණනාවක් මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී විවිධ දඩුවම් වලට ලක්වූ අවස්ථා දැකගත හැකියි.

පහතින් දැක්වෙන්නේ එලෙස තෝරාගත් අවස්ථා කිහිපයක් පමණි.

එංගලන්තයෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයෙකු වන ඉයන් බොතම් 1986 වසරේදී මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක් වනවා. ඒ ග්‍රෙනෙඩා රාජ්‍යයේ පැවති තරගයක් අතරතුර ගංජා භාවිත කිරීමේ චෝදනාවකට අදාළවයි.

දකුණු අප්‍රිකා ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් 2001 වසරේදී ඇන්ටිගා රාජ්‍යයේ හෝටලයකදී ගංජා භාවිත කිරීමේ චෝදනාවකට ලක්වනවා.

තමා කලක් කොකේන් පානයට ඇබ්බැහි වී සිටි බව පකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් 2003 වසරේදී අනාවරණය කරනු ලැබුවා.

ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ දක්ෂ දඟ පන්දු යවන්නෙකු වන ශේන් වෝන් මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක්ව මාස 12 ක තරග තහනමකට ලක්වන්නේ 2003 වසරේ ජනවාරි මාසයේදීයි.

පකිස්තාන වේග පන්දු යවන ක්‍රිඩකයන් දෙපළක් වන ශොයිබ් අක්තාර් සහ මොහොමඩ් අසීෆ් මත්ද්‍රව්‍ය චෝදනා මත පිළිවෙලින් වසර 02 ක සහ වසරක තරග තහනම්වලට ලක්වන්නේ 2006 වසරේදීයි.

කොකේන් ග්‍රෑම් 1.5 ක් ළඟ තබාගැනීමේ චෝදනාවට ලක්ව ඉන්දීය හිටපු දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වන මනින්දර් සිං 2007 වසරේදී එරට පොලිස් අත්අඩංගුවට පත් වනවා.

ඉන්දීය හිටපු ක්‍රීඩක යූසුෆ් පතාන් මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක්ව මාස 05 ක තරග තහනමකට ලක්වන්නේ 2018 වසරේදීයි.

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ශෙහාන් මධුසංක හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවකට ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්වන්නේ 2020 වසරේදියි.

සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී කොකේන් ළඟ තබා ගැනීමේ චෝදනාවකට වැරදිකරු බවට පත්වනවා.

දකුණු අප්‍රිකා ක්‍රීඩක කගීසෝ රබාඩා මෙම වසරේ ජනවාරි මාසයේදී කොකේන් චෝදනාවකට ලක්ව මාසයක තරග තහනමකට ලක්වුණා.

සිම්බාබ්වේ ක්‍රීඩක ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක්ව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් පුනුරුත්ථාපනයට යොමුකර තිබෙනවා. එම පුවත වාර්තා වූයේ අද (04) දිනයේදීයි.

ඉහතින් දැක්වෙන්නේ මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් තෝරාගත් කිහිපදෙනෙකු පමණි. මහත්වරුන්ගේ ක්‍රීඩාවට ද මත් රකුසා ගේ බැල්ම එල්ල වීම කණගාටුවක කරුණකි. වගකිවයුතු සෑම ක්‍රීඩකයෙකුගෙන්ම අප ඉල්ලා සිටින්නේ තාවකාලික වින්දනයක් වෙනුවෙන් මත් උවදුරට ගොදුරු වී මුළු දිවියම අඳුරු කර නොගන්නා ලෙසයි.

Share This Post

Post a comment

Trending Articles

ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More
647538134_2156301918503146_5003940479759199144_n
Read More