Where the Life Meets Cricket

info@cricketlk.com

එංගලන්ත ODI තරගාවලියට වනිඳු නෑ?

එංගලන්තයට එරෙහිව ලබන බ්‍රහස්පතින්දා (22) ආරම්භ වන එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඇතැම් විට විවේක ගැන්වෙනු ඇති බවට ක්‍රිකට් වාර්තා අනාවැකි පළ කරනවා.

 

කෙසේවෙතත්, පන්දුවාර 20 තරගාවලිය සඳහා ඔහු නිසැකවම ක්‍රීඩා කරනු ඇති බවටයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

වනිදු හසරංග පසුගිය දින කිහිපයේදී සිංගප්පූරුවේදී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ද සහභාගී වුණා.

 

ඔහු ඊයේ (17) දිනයේදී නැවත දිවයිනට පැමිණ පුහුණුවීම් සඳහා එක්වීමටයි නියමිතව සිටියේ.

 

එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගාවලිය ද මෙයයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *