
එංගලන්‍ත නායකයා පරාජයට හේතු කියයි
නවසීලන්තයට එරෙහිව මෑත කාලීනව ලැබූ ක්‍රිකට් තරග පරාජයන් පිළිබඳ අතිශය කණගාටුවට පත්වන බව එංගලන්ත නායක හැරී බෲක් පවසනවා.
ඔහුගේ නායකත්වය යටතේ මේ වනවිට එංගලන්තය එක්දින තරගාවලි 06 ක් පරාජය වී අවසන්.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් අඛණ්ඩව පසුබෑමට ලක්වීමයි.
කෙසේවෙතත්, ටෙස්ට් තරගවලදී කණ්ඩායම කිසියම් සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවයි එංගලන්ත නායකයා පෙන්වා දෙන්නේ.
එමෙන්ම, ජොෆ්‍රා ආචර් වැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ආබාධවලට ලක්වීම ද කණ්ඩායමට තරමක පසුබෑමක් ගෙන ඒමට බලපෑ බව එංගලන්ත නායකයා පෙන්වා දෙනවා.