
එංගලන්ත ක්‍රිකට් අර්බුදය ගැන හිටපු නායක ස්ට්‍රව්ස් පැවසූ දේ
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට උද්ගත වී ඇති වත්මන් අර්බුදකාරී තත්වය පිළිබඳ එංගලන්ත හිටපු නායක ඇන්ඩෲ ස්ට්‍රව්ස් අදහස් පළකර තිබුණා.
ඒ Daily Star පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි.
එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෝ නායකයා ඉවත් කළ පමණින් අර්බුදය නොවිසඳෙන බවයි.
මෙවර අළුබදුන ක්‍රිකට් තරගාවලිය තරග 3 – 0 ක් ලෙස මේ වනවිටත් එංගලන්ත කණ්ඩායම පරාජයට පත්ව සිටිනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එංගලන්ත හිටපු නායක ඇන්ඩෲ ස්ට්‍රව්ස්
“ප්‍රධාන පුහුණුකරු හෝ කණ්ඩායමේ නායකයා ඉවත්කළ පමණින් එංගලන්තයේ ක්‍රිකට් අර්බුදය විසඳෙන්නේ නැහැ..
දීර්ඝ කාලීන සැලසුමක් දැන්වත් සකස් කළ යුතුයි..
මීට පෙරත් එංගලන්ත ක්‍රිකට් මෙවැනි පසුබෑම්වලට ලක්ව තිබුණා..
හැබැයි නිසි සැලසුමක් සහිතව කටයුතු කළ නිසා ජයග්‍රහණ අත්කර ගන්නත් හැකියාව ලැබුණා..”