එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 07 තියුණු ජයක් වාර්තා කළ ඉන්දීය කණ්ඩායම මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් වුණා.
මුම්බායි හි වන්කෙඩේ ක්‍රීඩාංගණයේ දී අද (05) පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 253 ක් රැස්කළා.
ඉන්දියාව වෙනුවෙන් සංජු සැම්සන් ලකුණු 89 ක් රැස්කළා.
ලකුණු 254 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 246 ක් පමණයි.
එංගලන්තය වෙනුවෙන් ජේකබ් බෙතෙල් ලකුණු 105 ක් රැස්කළා.
තරගාවලියේ අවසන් මහා තරගය ලබන 08 වනදා ඉන්දියාව හා නවසීලන්තය අතර අහමදාබාද් හීදී පැවැත්වීමට නියමිතයි.