
සියයට සියයක් සෑහීමකට පත් නොවන අසලංක
හොංකොං කණ්ඩායමට එරෙහිව ඊයේ (15) පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගය පිළිබඳ සියයට සියයක් තමන් සෑහීමකට පත් නොවන බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.
පන්දු යැවීමේදී පළමු පන්දුවාර කිහිපය මෙන්ම පන්දුවට පහර දීමේදී කඩුලු කිහිපයක් එකවර දැවීයාම ඒ අතර වන බවයි ඔහු සඳහන් කළේ.
ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හොංකොං පිලෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වූ බවද තරගය අවසානයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් චරිත් අසලංක සඳහන් කළා.
Share This Post
