ඔස්ට්‍රේලියා ටෙස්ට් ආරම්භක පිතිකරු උස්මන් කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු නව වසර උදාව සනිටුහන් කරමින් පැවැත්වෙන අළුබඳුන 05 වන ටෙස්ට් තරගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමටයි සැලසුම් කර ඇත්තේ.
39 හැවිරිදි වියේ පසුවන කවාජා සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කළ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කිරීම ද විශේෂත්වයක්.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 87 කට – එක්දින තරග 40 කට සහ විස්සයි විස්ස තරග 09 කට කවාජා ක්‍රීඩාකර තිබෙනවා.
එහිදී ඔහු ටෙස්ට් ලකුණු 6,206 ක් – එක්දින ලකුණු 1,554 ක් සහ විස්සයි විස්ස ලකුණු 241 ක් රැස්කර තිබෙනවා.

One Response
Meya Upathin Pakistan. But Australia wata migrate wela eheta sellam kala. meyage mallita terrorist chodana pawa awa. Hebei ewa boru una. Anyway thank u for the games…