
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) පැවැත්වෙන තරගය නැරඹීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාද පැමිණියේය.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම පාකිස්තාන ක්‍රිකට් පාලක සභාපතිවරයා ද වන මොහ්සින් නක්වි මහතාද ජනාධිපතිවරයා සමග තරගය නැරඹීම සඳහා එක්ව සිටියි.
එමෙන්ම මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක්ද එක්ව ඇත.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට හැකිවුවහොත් ඔවුන්ට සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවේ.
