Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පූර්ණ තරගවලි පරාජයක්

තරග 05 කින් සමන්විත ශ්‍රී ලංකා – ඉන්දියා කාන්තා විස්සයි විස්ස තරහාවලිය තරග 5 – 0 ක් ලෙස ජය ලැබීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (30) සමත් වුණා.
 
ඒ දෙරට අතර පැවති පස්වන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 15 ක ජයක් වාර්තා කිරීමත් සමඟයි.
 
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
 
ඒ අවසරයෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 175 ක් රැස්කළා.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීෂා දිල්හාරි – රශ්මිකා සෙව්වන්දි සහ නායිකා චමරි අතපත්තු කඩුලු 02 බැගින් බිඳ හෙලුවා.
 
ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 160 ක් පමණයි.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමේෂා දුලානි සහ හසිනි පෙරේරා මංගල අර්ධ ශතක රැස්කළා.

Share This Post

Post a comment

2 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *