Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දියාවේ ආසියානු කුසලාන අවුල ICC සාකච්ඡා මේසයට

ඉන්දියාව විසින් දිනාගත් ආසියානු කුසලානය තවමත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (07) පැවති අයි සී සී විධායක මණ්ඩල රැස්වීමේදී අවධානයට යොමුකර තිබෙනවා.


ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය දරන පකිස්ථාන ජාතික මොහ්සින් නක්වි, ඉන්දියාවට, ඉන්දීය කණ්ඩායමට සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අයත් කුසලානය බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පෙන්වා දුන්නේ.


අයිසීසී ඉන්දීය නියෝජිතයා වන බීසීසීඅයි හි ලේකම් දේවජිත් සයිකියා, කුසලානය වහාම ඉන්දියාවට භාර දිය යුතු බව පෙන්වා දී ඇති බව වාර්තා වේ.


අවශ්‍ය නම්, ගැටළුව විසඳීම සඳහා මණ්ඩලයක් ද පත් කළ හැකි බවටද මෙහිදී අදහස් පළවී තිබුණා.


ගැටලූව ඉක්මනින් විසඳා ගත යුතු බවට සාමාජිකයින් අතර ඒකමතික මතයක් ඇති බවද වාර්තා වනවා.

Share This Post

Post a comment