
ඉන්දියාවට එරෙහි T20I තරගාවලියෙන් ට්‍රැවිස් හෙඩ් ඉවතට?
ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ඉන්දියාවට එරෙහි විස්සයි ව්ස්ස තරගාවලියේ ඉතිරි තරග 02 න් ඉවත් වී තිබෙනවා.
ඒ එළඹෙන අළුබදුන තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් බවයි දැක්වෙන්නේ.
ඒ අනුව, ට්‍රැවිස් හෙඩ් Sheffield Shield තරගාවලියේදී South Australia කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සූදානම් වනවා.
මීට අමතරව, Josh Hazlewood, Sean Abbott සහ Tanveer Sangha ද විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.
ඒ වෙනුවට වමත් වේගපන්දු යවන ක්‍රීඩක Ben Dwarshuis ගෝල්ඩ්කෝස්ට් සහ බ්‍රිස්බන් හීදී පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරග 02 සඳහා සහභාගී වන ඔස්ට්‍රේලියා සංචිතයට ඇතුළත් කර තිබෙන බවද වැඩිදුරටත් සඳහන්.
Share This Post
