Where the Life Meets Cricket

info@cricketlk.com

ඉතිහාසය අලුත් කරමින් ඔස්ට්‍රේලියාව පැරදවූ සිම්බාබ්වේ දේශය

මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවති ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයෙන් ලකුණු 23 ක ඓතිහාසික ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
 
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයගත් ඔස්ට්‍රේලියා කණ්ඩයම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
 
ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 169 ක් රැස්කළා.
 
සිම්බාබ්වේ වෙනුවෙන් බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 64 ක් රැස්කළා.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක් හඹාගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 19.3 ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 146 ක් පමණයි.
 
සිම්බාබ්වේ වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Blessing Muzarabani ලකුණු 17 කට කඩුලු 04 ක් බිඳහෙළීමට සමත් වුණා.
 
මෙය සැළකෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසය තුළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත්කළ දෙවන අවස්ථාව ලෙසටයි.
 
අවසන් වරට සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක දී ඔස්ට්‍රේලියාව පරාජයට පත්කළේ 2007 වසරේදී වීම ද විශේෂත්වයක්.
 
තරගයේ වීරයා සම්මානය Blessing Muzarabani ට හිමිවුණා.
 
 
 
 

Share This Post

Post a comment

2 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *