Where the Life Meets Cricket

info@cricketlk.com

02 වන සුපිරි පන්දුවාරයේදී දකුණු අප්‍රිකාවට ජය

ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර අද (11) පෙරවරුවේ ආරම්භ වූ තරගයේ ලකුණු සමවූ අතර, ඒ් හේතුවෙන් ජයග්‍රාහකයා තෝරාගැනීමට සඳහා සුපිරි පන්දුවාරය දක්වා තරගය ඇදී ගියේය.

 

මෙහි පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තුළදී ලකුණු 187/6ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානයද පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී ලකුණු 187ක් රැස්කළේය.

 

තරගාවලියේ ‘D’ කාණ්ඩයේ තරගයක් ලෙස මෙය අහමදාබාද්හිදී පැවැත්විණි.

 

අනතුරුව පැවති සුපිරි පන්දුවාරයේදීත් කණ්ඩායම් 02 ම ලකුණු 17 බැගින් ලබා සම තත්වයට පත්විය.

 

පසුව 02 වන සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී දකුණු අප්‍රිකාව ලකුණු 23 ක් රැස්කලේය.

 

ඇෆ්ඝනිස්ථානයට කඩුලු 2 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 19 ක් පමණි.

 

ඒ අනුව තරගයේ ජය දකුණු අප්‍රිකාවට හිමිවිය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *