Where the Life Meets Cricket

info@cricketlk.com

ආසියානු කුසලානයේදී නීති කැඩූ ඉන්දු පකිස්ථාන ක්‍රීඩකයන් රැසකට ICC යෙන් දඩ

නිමාවට පත්වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ICC ආචර ධර්ම පද්ධතිය කඩකළ ඉන්දීය සහ පකිස්තාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට දඩුවම් නියම කර තිබෙනවා.

 

පසුගිය සැප්තැම්බර් 14 – 21 සහ 28 යන දිනවල පැවති ඉන්දු – පකිස්තාන තරගවලදී විවිධ වැරදි සිදුකිරීම ඔවුන්ට එරෙහි චෝදනායි.

 

මේ අනුව, ඉන්දීය ක්‍රීඩක සූර්යකුමාර් යාදව් ට තරග ගාස්තුවෙන් සියයට 30 ක දඩයක් සහ අප්‍රසාද ලකුණු 02 ක් නියම කර තිබෙනවා.

 

පකිස්තාන ක්‍රීඩක S. ෆර්හාන් ට එක් අප්‍රසාද ලකුණක් නියම කර ඇති බවයි ICC ය නිවේදනය කළේ.

 

ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට එක් අප්‍රසාද ලකුණම් නියම කෙරුණා.

 

තරග 02 කදී ICC ආචාර ධර්ම පද්ධතිය කඩකළ පකිස්තාන ක්‍රීඩක හැරිස් රවුෆ් ට තරග ගාස්තුවෙන් සියයට 30 බැගින් සහ අප්‍රසාද ලකුණු 02 බැගින් නියම කර තිබෙනවා.

 

ඒ අනුව, මාස 24 ක කාලය තුළ අප්‍රසාද ලකුණු 04 ක් ලැබීම හමුවේ ඔහුට දකුණු අප්‍රිකාවට එරෙහි පළමු සහ දෙවන එක්දින තරග තහනම් කිරීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත්තේ.

Share This Post

Post a comment