ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ආර්ෂ්දීප් සිං ට අවසන් මහා තරග ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් ICC ය විසින් නියම කර තිබෙනවා.
ඒ පසුගිදා නවසීලන්තයට එරෙහිව පැවති පන්දුවාර 20 අවසන් මහා තරගයේදී ඔහු ICC හි ක්‍රීඩක ආචාර ධර්ම පද්ධතියේ 2.9 වන වගන්තිය කඩකිරීම හේතුවෙන් බවටයි සඳහන් වන්නේ.
අදාළ සිදුවීම වූ අවස්ථාවේ දී ආර්ෂ්දීප් සිං පන්දු යවමින් සිටි අතර පිතිකරණයේ නිරත වෙමින් සිටියේ ඩැරල් මිචෙල් විසිනි.
එහිදී ආර්ෂ්දීප් සිං විසින් පන්දුව කඩුල්ල දෙසට විසි කළ අතර එය ඩැරල් මිචෙල් ගේ ශරීරයේ වැදීමත් සමඟ අදාළ තත්වය උද්ගත වුණා.
කෙසේවෙතත්, ආර්ෂ්දීප් පවසා සිටියේ තමා පන්දුව පෙරලා යොමුකළේ කඩුල්ලට බවයි.
අදාළ අවස්ථාවෙන් පසුව ඔහු ඩැරල් මිචෙල් සමඟ එම තත්වය සුහදව විසඳාගැනීමට කටයුතු කළා.