
"ආබාධ සහ සමේ පැහැය නිසා සමහරු මට චෝදනා කළා.."
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බවට ඔස්ට්‍රේලියා ටෙස්ට් පිතිකරු උස්මාන් කවාජ හෙළිදරව් කළ මාධ්‍ය හමුවේදී ඔහු විසින් තවත් ආන්දෝලනාත්මක අනාවරණයන් කිහිපයක් සිදුකර තිබෙනවා.
විශේෂයෙන්, ආබාධ සහ ජාතිකත්වය පදනම් කරගනිමින් තමාට ජනමාධ්‍ය මෙන්ම ක්‍රීඩකයන් විසින් ද විවිධ චෝදනා එල්ල කළ බවයි ඔහු කියා සිටියේ.
“ඇතමුන් එල්ල කළ චෝදනා නිසා මම දැඩි පීඩනයකට ලක්ව සිටියා..
මගේ ජාතිය සහ සමේ පැහැය මුල්කරගෙන මට වෙනස් කොට සැළකුවා..
හැබැයි අදටත් මම විශ්වාස කරනවා ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව බව..
ඒක මම කියන්නේ ආඩම්බරයෙන්..
මගේ පිට කොන්දේ ආබාධය මට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..
හැබැයි ඇතැම් හිටපු ක්‍රීඩකයන් මම බොරු ලෙඩ අරගෙන ක්‍රීඩා නොකර සිටියා කියා චෝදනා කළා..
හොයලා බලන්නේ නැතුව එහෙම අභූත චෝදනා එල්ල කරපු එක හරිම වැරදියි..”
උස්මාන් කවාජාගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නව වසර උදාව සනිටුහන් කරමින් පැවැත්වෙන අළුබඳුන හතරවන ටෙස්ට් තරගයෙන් පසු නිමාවට පත්වනු ඇති.