
ආබාධයකට ලක්වූ ඔස්ට්‍රේලියා නායිකාව යෝග්‍යතා පරීක්ෂණය සමත්
2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහි අවසන් පූර්ව තරගයට දින 02 ක් තිබියදී ඔස්ට්රේලියා නායිකා ඇලිසා හීලි යෝග්‍යතා පරීක්ෂණය සම්පූර්ණ කර තිබෙනවා.
අද (ඔක්තෝබර් 28) පැවති පුහුණුවීම් අවසානයේ ඇය මෙම පරීක්ෂණය සමත්ව ඇති බව සඳහන්.
පසුගිය සතියේ එංගලන්තයට එරෙහි තරගයට පෙර පුහුණු සැසියකදී කලවා ආබාධයකට ලක් වූ ඇලිසා හීලි ට ඔස්ට්‍රේලියාව මුහුණ දුන් අවසන් තරග දෙකට සහභාගී වීමට හැකි වූයේ නැහැ.
ලෝක කුසලානයේ මේ දක්වා තරග හතරකදී හීලි රැස්කල ලකුණු සංඛ්‍යාව 294 ක්.
ඉන්දු – ඔස්ට්රේලියා අවසන් පූර්ව තරගය අනිද්දා (29) නවි මුම්බායි හිදී පැවැත්වීමට නියමිතයි.
Share This Post
