
අළු බඳුන පළමු තරගයට ඔස්ට්‍රේලියා ටෙස්ට් සංචිතය නම් කරයි
එංගලන්තයට එරෙහි පළමු අළු බඳුන ටෙස්ට් තරගය සඳහා ඔස්ට්‍රේලියාවේ ටෙස්ට් සංචිතයෙන් සෑම් කොන්ස්ටාස් ඉවත් කර ඇත.
Jake Weatherald ඔහුගේ පළමු ජාත්‍යන්තර සංචිතයට කැඳවීමටයි ජාතික තේරීම් කමිටුව කටයුතු කර ඇත්තේ.
මෙම වසර මුලදී බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් ඉවත් කරන ලද මාර්නස් ලැබුස්චේන්, ක්වීන්ස්ලන්ඩ් සමග පැවති තරග වාරයේ සාර්ථක ආරම්භයකින් පසුව කණ්ඩායමට නැවත කැඳවීමට නියමිතව ඇත.
තුන් ඉරියව් ක්‍රීඩකයින් වන කැමරන් ග්‍රීන් සහ බියු වෙබ්ස්ටර් යන දෙදෙනාම සංචිතයට නම් කර තිබේ.
නිත්‍ය නායක පැට් කමින්ස් නොමැති වීම හේතුවෙන් ස්ටීවන් ස්මිත් කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.
බ්‍රිස්බන් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා පැට් කමින්ස් ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Australia squad for first Test against England
Steven Smith (capt), Sean Abbott, Scott Boland, Alex Carey (wk), Brendan Doggett, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis (wk), Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Starc, Jake Weatherald, Beau Webster
Share This Post
