Where the Life Meets Cricket

info@cricketlk.com

අළුබඳුන 02 වන තරගයටත් පැට් කමින්ස් නෑ

ගැබා හි පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයට නිත්‍ය නායක කමින්ස් ඇතුළත් කර නොමැත.

 

එංගලන්තයට එරෙහිව අනිද්දා (30) බ්‍රිස්බන්හිදී ඇරඹෙන දෙවන අළු බඳුන ටෙස්ට් තරගයට ද ඕස්ට්‍රේලියා නිත්‍ය ටෙස්ට් නායක පැට් කමින්ස්ට සහභාගීවීමේ අවස්ථාව අහිමි වී තිබේ.

 

බ්‍රිස්බේන් හි ගැබා හි පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියාව මෙහෙයවීමට කමින්ස් අපේක්ෂා කළා.

 

පළමු ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියාවට කඩුලූ අටක ජයග්‍රහණයක් අත්කර ගැනීමට හැකි වූ නමුත් වේග පන්දු යවන්නාට, පිටේ ආබාධයෙන් සියයට සියයක් සුවය ලැබීමට තවමත් හැකි වී නැහැ.

 

ඇඩිලේඩ් හි තුන්වන ටෙස්ට් තරගය සඳහා කමින්ස් නැවත පැමිණීමට ඉඩ ඇති අතර එමගින් ඔහුට සූදානම් වීමට තවත් සති දෙකක් ලබා දෙනු ඇති.

 

කමින්ස් නොමැති වීමෙන් අදහස් වන්නේ පර්ත්හිදී කඩුලූ පහක් දවාගත් බ්‍රෙන්ඩන් ඩොගට්, මිචෙල් ස්ටාර්ක් සහ ස්කොට් බොලන්ඩ් ඔවුන්ගේ ස්ථාන රඳවා ගැනීමට ඉඩ ඇති බවයි.

 

Australia squad for 2nd Test vs England

Steve Smith (capt), Scott Boland, Alex Carey, Brendan Doggett, Cameron Green, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Michael Neser, Mitchell Starc, Jake Weatherald, Beau Webster

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *