ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා බ්‍රිස්බන්හි පැවැත්වෙන අළුබඳුන දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත් වී තිබෙනවා.
ආබාධයක් ඊට හේතුවයි.
ජයග්‍රාහී පළමු ටෙස්ට් තරගයේදී ද පිටුපස ඇති වූ වේදනාව හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.
Cricket Australia තහවුරු කළේ ඔහු තවදුරටත් පසුපස වේදනාවෙන් පෙළෙන අතර 02 වන ටෙස්ට් තරගයට සහභාගී වීමට නොහැකි වනු ඇති බවයි.
ඒ අනුව ට්‍රැවිස් හෙඩ් (Travis Head) ආරම්භක පිතිකරු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
කෙසේ වෙතත් දෙසැම්බර් 17 වනදා සිට ඇඩිලේඩ්හි පැවැත්වෙන තුන්වන අළුබඳුන ටෙස්ට් තරගය සඳහා උස්මාන් කවාජා එක්වීමට නියමිතයි.
