Where the Life Meets Cricket

info@cricketlk.com

අළුබඳුන අවසන් ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

අළුබඳුන 05 වන සහ අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 05 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (08) සමත් වුණා.
 
ඒ අනුව, තරගාවලිය තරග 4 – 1 ක් ලෙස ජය හිමිකර ගත්තේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.
 
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
 
ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 384 ක් රැස්කළා.
 
ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 567 ක්.
 
එංගලන්ත දෙවන ඉනිම ලකුණු 342 කට සීමා වුණා.
 
ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියාව කඩුලු 05 ක් පමණක් දැවී තරගයේ ජය හිමිකර ගත්තා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *