මෙවර අළුබඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී තවත් වාර්තාවක් අලුත් වී තිබෙනවා.
ඒ ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී අඛණ්ඩ ඉනිම් 03 කදී ආරම්භක පිතිකරුවන් ලකුණු නොලබා දැවීගිය පළමු අවස්ථාව ලෙසටයි.
එංගලන්ත පළමු ඉනිමේ Zack Crawley ලකුණු නොලබා දැවී ගිය අතර ඔස්ට්‍රේලියා පළමු ඉනිමේ Jake Weatherald ලකුණු නොලබා දැවී ගියා.
යළිත් වරක් එංගලන්ත දෙවන ඉනිමේදී Zack Crawley ලකුණු නොලබා දැවී ගියා.
මෙය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පළමු වතාවට වාර්තා වූ අතිශය විරළ සිදුවීමක් වීම ද විශේෂත්වයක්.
