Where the Life Meets Cricket

info@cricketlk.com

අෂ්රෆුල්ගේ පුහුණුකරු ධුරය ගැන බංග්ලාදේශ ක්‍රිකට් තීරණයක් ගනී

මොහොමඩ් අෂ්රෆුල්ගේ පිතිකරණ පුහුණුකරු තනතුර දීර්ඝ කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

 

අෂ්රෆුල් මුලින් සහායක කාර්ය මණ්ඩලයට එක් කර තිබුණේ අයර්ලන්තයට එරෙහි ගෘහස්ථ තරගාවලිය සඳහා පමණි.

 

නමුත් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ක්‍රිකට් මෙහෙයුම් සභාපති පැවසුවේ හිටපු ජාතික නායකයා ඉදිරියටත් එම තනතුරේ රැඳී සිටින බවයි.

 

ඉදිරි විස්සයි 20 ලෝක කුසලානය සඳහා අෂ්රෆුල් කණ්ඩායම් කළමනාකාරිත්වයේ කොටසක් වන අතර තරඟාවලියෙන් පසුව තවත් දිගුවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

කණ්ඩායමේ ක්‍රියාකාරිත්වයට යටත්ව ඔහුගේ කාලය 2027 එක්දින ලෝක කුසලානය දක්වා පැවතිය හැකිය.

 

මොහොමඩ් සලාහුදීන් ජ්‍යෙෂ්ඨ සහකාර පුහුණුකරු ලෙස දිගටම කටයුතු කරන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කළේය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *