
අවසන් තරගය වැස්සට සේදී ගියහොත් දිනුම කාටද ?
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
නවි මුම්බායි ක්‍රීඩාංගණයට මේ වනවිටත් දැඩි වර්ෂාවක් ඇද හැළෙමින් පවතින බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.
ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් විමසා සිටින්නේ මෙම තරගය සඳහා අතිරේක දිනයක් ඇතිද යන්නයි.
පිළිතුර ඔව් යන්නයි. එනම් හෙට (03) සඳුදා දිනයයි.
කෙසේවෙතත් ක්‍රිකට් නීති රීති අනුව සංවිධායකයන්ගේ උපරිම උත්සාහය වන්නේ අද දිනය තුළ හැකි තරම් පන්දුවාර සංඛ්‍යාවක් යවා තරගයේ ඉතිරි කොටස හෙට (03) දිනය තුළ පැවැත්වීමයි.
අද පස්වරු 05 ට පෙර තරගය ආරම්භ වුවහොත් එක් පිළකට පන්දුවාර 50 ම ක්‍රීඩා කිරීමට අවස්ථාව පවතිනවා.
එහෙත් කිසියම් අයුරකින් පස්වරු 05 පසුවී තරගය ආරම්භ වුවහොත් එක් පිළකට හිමිවන පන්දුවාර සංඛ්‍යාව අඩුවනු ඇති.
අවම වශයෙන් රාත්‍රී 09.08 වනවිට තරගය ආරම්භ කිරීමට හැකිවුවහොත් එක් පිළකට පන්දුවාර 20 ක උපරිමයක් දක්වා ක්‍රීඩා කිරීමට අවස්ථාව පවතිනවා.
Share This Post
