Where the Life Meets Cricket

info@cricketlk.com

අවසන් තරගයේ තීරක ධූරයට ශ්‍රී ලංකාවේ මිචෙල්

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේ තීරක ධූරය සඳහා ශ්‍රී ලාංකික තරග තීරක මිචෙල් පෙරෙයිරා නම්කර තිබෙනවා.

 

ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක තීරක ධූරය සඳහා ශ්‍රී ලාංකිකයකු තෝරාගනු ලැබ ඇත්තේ රන්ජන් මඩුගල්ලේ සහ වැනේසා ද සිල්වාට පසුව වීමද විශේෂත්වයක්.

 

2022 වසරේ දී වැනේසාද ද සිල්වා සමගින් අන්තර්ජාතික තරග තීරකවරියන්ගේ මණ්ඩලයට ඇතුළත් වූ මිචෙල් පෙරෙයිරා මෙලෙස වසර තුනක් ඇතුළත ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයක තීරක ධූරයට උසස්වීමක් ලබාගෙන තිබුණා.

 

දශක දෙකකට පමණ ඉහතදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ මිචෙල් පෙරෙයිරා හිටපු කඩුලු‍ රකින්නියක් මෙන්ම වමත් පිතිකාරිණියකද වනවා.

 

වසර කිහිපයක්ම ජාතික සංචිතයේ සිටි නමුත් ඇයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවක් හිමි වුයේ නැහැ.

 

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයේ සිව්වැනි විනිසුරුවරිය ලෙස තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් වන නිමාලි පෙරේරා නම් කර තිබෙනවා.

 

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය හෙට ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර මුම්බායිහි හිදී පැවැත්වෙනු ඇති.

 

මෙම කණ්ඩායම් දෙකම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ඇත්තේ පළමු වතාවටයි.

Share This Post

Post a comment