අමෙරිකා එක්සත් ජනපද පිතිකරු Aaron Jones ට සියලු ආකාරයේ තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ 2023 – 24 කාලසීමාවේදී බාබඩෝස් හීදී පැවති Bim10 තරගාවලිය අතරතුරදී සිදුව ඇති ICC දූෂණ විරෝධී වගන්ති කඩ කිරීමක් හා සම්බන්ධ බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එහිදී ජෝන්ස් නීති කොන්දේසි 05 ක් කඩකර තිබෙනවා.
එම චෝදනා 05 න් 02 ක් ජාත්‍යන්තර තරඟ සමඟ සම්බන්ධ බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.
ජෝන්ස් අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු ද වනවා.