
අමෙරිකාව වෙනුවෙන් වැඩිම ලකුණු සබඳතාවයේ වාර්තාව අද
අමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු විසින් ජාත්‍යන්තර එක්දින තරගයකදී ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ වැඩිම ලකුණු සබඳතාවයේ වාර්තාව අද (03) වාර්තා වුණා.
අමෙරිකාව වෙනුවෙන් මෙම වාර්තාව පිහිටවූයේ Milind Kumar සහ Saiteja Mukkamalla විසිනි.
ඒ UAE කණ්ඩායමට එරෙහිව ඩුබායි හීදී පැවති එක්දින තරගයක් අතරතුරදීයි.
එහිදී ඔවුන් දෙදෙනා හතරවන කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 264 ක සබඳතාවක් ගොඩ නැගුවා.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ Monak Patel සහ Sushanath Modani විසින් වන අතර ඔවුන් දෙදෙනා ඕමානයට එරෙහිව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 209 ක ලකුණු සබඳතාවයක් ගොඩ නගා තිබුණා.
ඒ 2022 වසරේදී පැවති එක්දින තරගයක් අතරතුරදීයි.
Share This Post
