Where the Life Meets Cricket

info@cricketlk.com

"අපි නොසැළකිලිමත්ව සෙල්ලම් කලේ"

ඊයේ (20) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරගයෙන් ලැබූ දරුණු පරාජයෙන් පසු මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක දැක්වූ අදහස්.

ඇත්ත වශයෙන්ම, එය දුෂ්කර එකක් වුණා. මම හිතන්නේ ආරම්භයේ සිටම අපිට අරමුණක් තිබුණේ නැහැ. සිම්බාබ්වේ පන්දු යවන්නන්ට ගෞරවය හිමිවනවා. ඔවුන් ඇත්තෙන්ම හොඳින් පන්දු යැව්වා.

අපි නොසැලකිලිමත් නොවී ටිකක් වැඩි අදිටනක් පෙන්වලා තිබුණා නම්, අපට මීට වඩා හොඳින් කළ හැකිව තිබුණා කියලා මට හැගෙනවා.
ඉතාම කලකිරීමෙන් ඉන්නේ.

අපට ඇති ක්‍රීඩකයින් සහ අත්දැකීම් සමග, මේක පිළිගන්න බෑ. අපේ බොහෝ දෙනෙක් මේ වගේ තණතීරුවකින් උපරිම ප්‍රයෝජන ගැනීමට ප්‍රමාණවත් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. හැබැයි අපි සරලවම එසේ කළේ නැහැ.

මේවා අපට අපගේ අවස්ථා උපරිමයෙන් ප්‍රයේජනය ගන්න පුලුවන් තැන්. නමුත් අපි අද එය කිරීමට අසමත් වුණා.
ඉක්මනින් අපට නැවත සංවිධානය වී ශක්තිමත්ව නැවත පැමිණිය හැකි යැයි මම බලාපොරොත්තු වනවා.

අපේ පුහුණුකරු (සනත් ජයසූරිය) ක්‍රීඩා කළ ක්‍රිකට් වර්ගය ඔබ දන්නවා, ඔහු ක්‍රීඩාවේ පුරාවෘත්තයක්. පීඩන තත්වයන් ඕනෑම කෙනෙකුට වඩා ඔහු හොඳින් තේරුම් ගෙන තියෙන්නේ.
ඔහු සැමවිටම අපට සහාය දී අපට විශ්වාසයක් ලබා දී තිබෙනවා, නමුත් අවාසනාවකට අද අපට එය ලබා දීමට නොහැකි වුණා.

ඉදිරියේදී තරග රාශියක් තියෙනවා. අපි ඉක්මනින් ඉගෙන ගෙන නැවත පැමිනීමට බලාපොරොත්තු වනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *