Where the Life Meets Cricket

info@cricketlk.com

"අපි ඉක්මනටම වැරදි හදාගන්නවා"

ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩාමට කඩුලු 07 ක පරාජයක් අත්විදීමට සිදුවුණා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙලෙස අදහස් පළකළා.

” ඔව්, අපි පවර්ප්ලේ එක හොදින් ආරම්භ කළා..

හැබැයි අවාසනාවකට එක ළඟ කඩුලු කිහිපයක් බිඳවැටීම අපිට අවාසියක් වුණා…

මැද පන්දුවාර වලදී නැවත ඉනිම ගොඩනගා ගැනීමට උත්සහ කළත් ඒකත් අසාර්ථක වුණා..

ඉන්දියාව එයාලගේ සැලසුම හරියටම ක්‍රියාත්මක කළා..

අපි අපේ වැරදි ඉක්මනින්ම නිවැරදි කරගත යුතුයි..

ඉන්දියාවට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දෙනවා නම් අවම වශයෙන් ලකුණු 150 ක් වත් රැස්කළ යුතු වනවා..

ඒ වගේම හතරේ පහර සහ හයේ පහර වැඩි වශයෙන් එල්ල කළ යුතුයි..

පන්දු යැවීමේදී පින්නේ බලපෑමත් අපිට ලොකු අවාසියක් වුණා..

ඒ නිසා දඟ පන්දු යවන්නන්ට නියමාකාරයෙන් පන්දු යැවීම අසීරු වුණා..”

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *