පසුගිය මාසයේ පුහුණු තරගයක් අතරතුර ඛේදජනක ලෙස මියගිය 17 හැවිරිදි බෙන් ඔස්ටින් ට සමුදීම සඳහා මිතුරන් සහ පවුලේ අය 1000 කට අධික පිරිසක් Melbourne’s Junction Oval පිටියට පැමිණ සිටියහ.
ඔක්තෝබර් 29 වන දින ෆර්න්ට්‍රී ගලි හි පුහුණුවීම්වල යෙදී සිටියදී හිසට සහ ගෙල ප්‍රදේශයට ක්‍රිකට් බෝලයක් වැදීමෙන් දින කිහිපයකට පසු 17 හැවිරිදි බෙන් ඔස්ටින් රෝහල් ගතව සිටියදී මිය ගියා.
අද දින ෂේන් වෝන් ක්‍රීඩාගාරයට ඔහුගේ මිතුරන්, පවුලේ අය සහ මහජනතාව 1100 කින් සමන්විත පිරිසක් පැමිණ සිටියා.


