ලොව පුරා පැවැත්වෙන T20 ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි සම්බන්ධයෙන් තම බලතල සහ අධීක්ෂණය තවදුරටත් පුළුල් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ICC ප්‍රධානීන්ගේ සහ ක්‍රිකට් ආයතන ප්‍රධානීන්ගේ සාකච්ඡාවක් මෙම සති අන්තයේ බාලිහිදී පැවැත්වීමට නියමිතයි.
මෙම යෝජනා ක්
රියාත්මක වුවහොත් විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්
යයේ ILT20 සහ ඇමරිකාවේ Major League Cricket (MLC) තරගාවලිවලට විශාල බලපෑමක් එල්ල විය හැකියි.

ICC විසින් සලකා බලන ප්‍රධාන යෝජනා කිහිපයක් මෙන්න.

කණ්ඩායමක ක්
රීඩා කරන 11 දෙනා අතර විදෙස් ක්
රීඩකයන්ගේ සංඛ්
යාව හතරකට සීමා කිරීම.

සාමාජික රටවල් විසින් T20 ලීග් තරගාවලි සඳහා ලබාදෙන අනුමැතීන් පවා ICC යටතේ සමාලෝචනය කිරීමේ සහ අවශ්
ය නම් අවලංගු කිරීමේ බලය ලබාගැනීම.

ඔට්ටු ඇල්ලීමේ සමාගම් සහ ඒවාට සම්බන්ධ වෙනත් සමාගම්වලට තරගාවලි හා කණ්ඩායම් අනුග්
රහය දැක්වීම සීමා කිරීම.

ICC දූෂණ විරෝධී ඒකකයේ හෝ ICC අනුමත ආයතනයක අධීක්ෂණය යටතේ පමණක් තරගාවලි පැවැත්වීමට අවසර ලබාදීම.

ලීග් තරගාවලි සඳහා අනුමැතිය ලබාදීමේදී ICC විසින් ගාස්තුවක් අයකිරීම.
විශේෂයෙන්ම විදෙස් ක්‍රීඩකයන් මත දැඩිව රඳා පවතින ILT20 සහ MLC තරගාවලිවලට මෙම විදෙස් ක්‍රීඩක සීමාව දැඩි බලපෑමක් එල්ල කළ හැකියි.
දැනට ILT20 තරගාවලියේ කණ්ඩායමක ක්‍රීඩා කරන 11 දෙනා අතර විදෙස් ක්‍රීඩකයන් 9 දෙනෙකු දක්වා ක්‍රීඩා කළ හැකි අතර, MLC තරගාවලියේ එම සංඛ්‍යාව 6ක්.
නමුත් ICC යෝජනාව අනුව එය හතරකට සීමා වුවහොත් මෙම ලීග් තරගාවලිවල වාණිජමය වටිනාකමට පවා බලපෑම් එල්ල විය හැකියි.
එමෙන්ම දූෂණ චෝදනා, ක්‍රීඩකයන්ට මුදල් නොගෙවීම සහ අස්ථාවර හිමිකාරිත්වය වැනි ගැටලු ඇති ලීග් තරගාවලි පාලනය කිරීමත් මෙම යෝජනාවල ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.
මේ අතර, ක්‍රීඩකයන් සහභාගී වන ලීග් තරගාවලි වෙනුවෙන් ඔවුන්ගේ මව් රටේ ක්‍රිකට් ආයතනයට ගෙවන Solidarity Payment මුදල සම්මත කිරීම සහ එක් රටක පැවැත්විය හැකි ලීග් තරගාවලි සංඛ්‍යාව සීමා කිරීම පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිතයි.
මෙම යෝජනා ICC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ කමිටුවේදී සාකච්ඡා කර, අවශ්‍ය අවස්ථාවලදී අවසන් අනුමැතිය සඳහා ICC මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.