Where the Life Meets Cricket

info@cricketlk.com

පැට් කමින්ස්ගේ නායකත්වය අනතුරේ ?

2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදුවූ සුප්‍රකට පන්දුව පළුදු කිරීමේ සිද්ධිය (Sandpapergate) නැවතත් කරළියට පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් දැඩි පීඩනයකට මුහුණ දී සිටිනවා.
 
මෙම අර්බුදය තවත් උත්සන්න වුණේ එම සිද්ධියට සම්බන්ධව තරග තහනමකට ලක්වූ කැමරන් බැන්ක්‍රොෆ්ට් නිකුත් කළ දීර්ඝ ප්‍රකාශයත් සමඟයි.
 
එම සිද්ධිය පිළිබඳව කණ්ඩායමේ බොහෝ දෙනා දැනුවත්ව සිටි බවත්, තමන් ඒ අවස්ථාවේදී අනෙක් ක්‍රීඩකයන් ආරක්ෂා කිරීම සඳහා සත්‍යය වසන් කළ බවත් බැන්ක්‍රොෆ්ට් එහිදී සඳහන් කර තිබෙනවා.
 
විශේෂත්වය වන්නේ පැට් කමින්ස් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශ තමන්ට දැඩි ලෙස බලපෑ බවත්, එය මෙම ප්‍රකාශය නිකුත් කිරීමට අවසන් හේතුව වූ බවත් බැන්ක්‍රොෆ්ට් පවසා තිබීමයි.
 
කමින්ස්ගේ ප්‍රකාශවලට විරෝධය පළ කරමින් ඩේවිඩ් වෝනර් සහ චැඩ් සේයර්ස් ඇතුළු හිටපු ක්‍රීඩකයන් ද අදහස් පළ කර තිබෙනවා.
 
ක්‍රිකට් ඔස්ට්‍රේලියාව මේ වන විට අදාළ සංචාරයට එක්වූ ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට තම අත්දැකීම් ඉදිරිපත් කළ හැකි ස්වාධීන සංසදයක් පිහිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.
 
කෙසේ වෙතත්, කමින්ස්ට ක්‍රිකට් ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ සහාය තවමත් හිමිව තිබුණත්, ඉදිරියේදී ඔහුගේ නායකත්වය පිළිබඳ තීරණයට මහජන ප්‍රතිචාරයද විශාල බලපෑමක් එල්ල කළ හැකි බවට විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *