ලබන නොවැම්බර් 17 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය ලාහෝර් නුවරින් රාවල්පිණ්ඩි වෙත මාරු කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදීම දෙවැනි තරගයත් පැවැත්වීමට නියමිතයි.
මෙම තීරණයට හේතු වී ඇත්තේ ලාහෝර් නුවර පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ දැඩි වායු දූෂණයයි.
මේ දිනවල ලෝකයේ වඩාත්ම වායු දූෂණය සහිත නගරය ලෙස ලාහෝර් නගරය වාර්තා වී ඇති බවත් සඳහන්.
දැඩි දුමාරය හේතුවෙන් තරගයේ සජීවී රූපවාහිනී විකාශනයේ ගුණාත්මකභාවය පිළිබඳව විකාශන කණ්ඩායම් ද සිය කනස්සල්ල පළ කර තිබෙනවා.
ඒ අනුව තරගය ලාහෝර්හි පැවැත්වීම වෙනුවට රාවල්පිණ්ඩි වෙත ගෙන යාමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තරගය ලාහෝර්හි පැවැත්වීමට හැකි වූවා නම් 2007 වසරෙන් පසු නොවැම්බර් 1 වැනිදාට පසුව එම නගරයේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය බවට පත්වීමට තිබුණා.
කෙසේ වෙතත් තරගාවලියේ දින වෙනස් වී නැහැ. දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 17 සිට 21 දක්වා රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට නියමිතයි.