Where the Life Meets Cricket

info@cricketlk.com

එක්සත් අරාබි එමීර් රාජ්‍යය
අවසන් පූර්ව වටයට ?

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට A කාණ්ඩයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලබන ආකාරයක් පෙන්නුම් කෙරෙනවා.

ඊට හේතුව වන්නේ හෙට (17) පැවැත්වීමට නියමිත UAE කණ්ඩායමට එරෙහි තරගය වර්ජනය කිරීමට පකිස්තානය තීරණය කර ඇතැයි පළවන වාර්තා හේතුවෙනුයි.

පසුගියදා පැවති ඉන්දියාවට එරෙහි තරගයේදී අතට අත නොදීමේ සිදුවීම පදනම් කරගනිමින් තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් ට එරෙහිව පියවරක් ගන්නැයි පකිස්තානය විසින් ICC යෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේවෙතත්, ICC ය විසින් එම ඉල්ලීම නොසලකා හැර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, පෙර දැනුම් දී තිබූ පරිදි ආසියානු කුසාලානයේ ඉදිරි තරගවලට සහභාගී විමෙන් වැළකී සිටීමට පකිස්තානය සූදානම් වන බවටයි නිල නොවන වාර්තා පවසන්නේ.

 

Share This Post

Post a comment

Trending Articles

dasun-shanaka-20-nov-2025-alamy16
Read More
451103-west-indies
Read More
Impact-Player
Read More