‌ශ්‍රී ලංකා පන්දු වාර අටෙන් ලකුණු 130ක් හඹා යයි. දසුන් ශානකගෙන් ගිණිකෙලි සංදර්ශණයක් .!

සිංගප්පුරූවේ පැවති යොවුන් ක්‍රීඩකයන්ගේ විස්සයි විස්ස තරගාවලිය නිමාව දුටුවේය.
තරගාවලිය පුරාම අතිදක්ෂ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට එක්වූ සිංහල ක්‍රීඩා සමාජය අතිශය පහසුවෙන් කුසලානය ජය ගත්හ.

 

මුලින් පන්දුවට පහර දුන් සිංගප්පුරු කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත්තේ ලකුණු 131ක් පමණි.
ගිණිකෙලි සංදර්ශණය ඇරඹුනේ ඉන් පසුවය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිනි සිංහල ක්‍රීඩා සමාජයේ වගකීම සිය දෙවුර මතට ගත්තේ සිංහල ක්‍රීඩා සමාජයේ කොදු නාරටිය දසුන් ශානකයි.
පන්දු යවන්නන් තඹ සතකයට මායිම් නොකරන හයේ හතර පහරවල් වලින් ලකුණු රැක් කිරීමට ප්‍රිය කරන දසුන් ශානක පළමු පන්දුවේ සිටම මල් වෙඩි ඇරඹුවේය.

 

අහෝ පුදුමයකි,
දසුන් ශානක ප්‍රමුඛ සිංහලීස් විරුවන්ට ඉලක්කය සපුරා යෑමට වැය වූවේ පන්දු වාර අටක් පමණි.
හයේ පහරවල් අටක් සමගින් පන්දු පැලු දසුන් ශානක සිංහලීස් කණ්ඩායමට ශූරතාවය නැවත වතාවත් ලබා දුන්නා.

 

 

ඒ ඊයේ සිදුවූ එක සිදුවීමකි.
අනෙක් සිදුවීම නම් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගයේ ඉන්දීය ඉනිම ගොඩගත් හර්දික් පාන්ඩ්‍යා අගින් පැමින වේගවත් ශතකය් රැස් කලේය.

 

පාන්ඩ්‍ය හා ශානක එකම විදියේ ක්‍රීඩකයන් දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර තරග වරම් ලැබුවේ එකම තරගයේදීය.
පාන්ඩ්‍යාට වඩා සෑම අතින්ම දක්ෂ දසුන් පළමු තරගයෙන්ම තරගයේ වීරයා වෙද්දි පාන්ඩ්‍යා අසාර්ථකය.

නමුත් දැන් ?
ඉන්දියාව දක්ෂයාට අවස්තාව ලබා දී පාන්ඩ්‍යා රැක බලා ගත් අතර ශ්‍රී ලංකාවේ එකල සිටි නායකයා තමන්ගේ ස්ථානය අහිමි වේයැයි බියෙන් දසුන් ශානක කපා දැම්මේය.
ශ්‍රී ලංකාව පරාජය වීම අරුමයක් නොවන්නේ ඒ නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *