“ආරම්භක ස්ථානය මට ලියලා දීලා නෑ ” විජයග්‍රහනයෙන් පසු පොඩි සනා කතා කරයි .!

ධයකින් පසුව යළිත් කණ්‌ඩායමට පැමිණි කුසල් පෙරේරා සුපුරුදු ප්‍රහාරාත්මක පිති ප්‍රහාරය පෙරේදා (06 දා) ඉන්දියාවට එරෙහිව යළිත් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ඔසවා තැබීමට සමත් විය. එම සාර්ථකත්වයට හේතුව පුහුණුකරුවන් ලබාදුන් ආත්ම විශ්වාසය බව කුසල් පෙරේරා පවසයි.

“පුහුණු කාර්ය මණ්‌ඩලය පුහුණුවීම්වලදී ක්‍රීඩකයන්ට හොඳ විශ්වාසයක්‌ ඇති කර දුන්නා. ඒක ලොකු ශක්‌තියක්‌. ඒ වගේම පසුගිය මාස අට සහ නවය තුළ මම වැඩිය සෙල්ලම් කළේ නැහැ ආබාධය නිසා. එහෙම ඉඳල එකපාරටම ඇවිල්ලා ගහන කොට පොඩි පසුබැසීමක්‌ තියෙනවා. පසුගිය දින කිහිපයේදී දේශීය තරගවලට ක්‍රීඩා කළා විශ්වාසය ගොඩනගා ගත්තා. මම හිතුවෙ හොඳ ඉනිමක්‌ ගහනවට වඩා හොඳ තරගයක්‌ ගහන එක විතරයි. නමුත් පෞද්ගලිකව ලකුණු අතරට එන්න හැකිවීම ගැනත් සතුටු වෙනවා.” යෑයි තරගයේ වීරයා සම්මානය දිනා ගත් කුසල් ජනිත් පෙරේරා පැවසීය.

ඉන්දියාව යනු අවසන් මාස පහේදී ඉතාමත් හොඳින් දක්‍ෂතා අතර සිටි කණ්‌ඩායමක්‌ බවත් ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව (174) විස්‌සයි විස්‌ස තරගයකදී හොඳ ප්‍රමාණයක්‌ බවත් කුසල් පෙරේරා පවසයි.

“ඉන්දියාව ලබාගත් ලකුණු සංඛ්‍යාව හොඳ ගාණක්‌. තණතීරුව ලකුණු ගන්න අපහසු වුණේ නැහැ. නමුත් ලේසි නැහැ මේ වගේ ගාණක්‌ ගහල දිනන එක. පළමු පන්දුවාර පහේදී වේගයෙන් ලකුණු ආපු නිසා ඉලක්‌කය පහසු වුණා. හැමදාම මෙහෙම ආරම්භයක්‌ එන්නෙ නැහැ. ඒ ආපු වෙලාවට තරගය දිනන්නම ගහන්න ඕන. අපිට මැදදි පොඩ්ඩක්‌ අමාරු වුණා පන්දුව තෝරා බේරාගෙන පහර දෙන්න. නමුත් පන්දු රැකීම, පන්දු යෑවීම සහ පහරදීම යන අංශ තුනම හොඳ තැනක තිබුණා. ඒ නිසා ඉන්දියානුවන්ව පාලනය කරන්න හැකියාව ලැබුණා.”

“මම කාවවත් අනුකරණය කරන්නෙ නැහැ. මට ආවේනික විදිහට තමයි මම පන්දුවට පහර දෙන්නෙ. එතනදි එන විශ්වාසය තමයි වැදගත්. අපි දිනෙන් දින සැලසුම් සකස්‌ කරගෙන තමයි ඉදිරියට යන්නෙ.”

පිතිකරු ස්‌ථානයේ තැනින් තැන පන්දුවට පහරදීම ලේසි කර්තව්‍යයක්‌ නොවූවත් ඒ අභියෝගය භාර ගත යුතු බවද කුසල් ජනිත් පෙරේරා වැඩිදුරටත් පැවසීය.

“මම ආරම්භක පිතිකරුවකු වුණාට මට ඒ ස්‌ථානය ලියලා දීලා නැහැ. අපිට තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් කියන ඕනෑම ස්‌ථානයක පහර දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒක ලේසි නැති වුණත් කණ්‌ඩායමට අවශ්‍ය දේ ලබාදෙන්න අපි ඒ අභියෝගය භාර ගත යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *