තිසරගෙන් මල් වෙඩි ප්‍රහාරයක් – උපුල් තරංගත් ප්‍රහාරය අරඹයි .!

දේශීය පළමු පෙළ පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ඊයේ (27 දා) පැවැති තරගයකදී එස්‌.එස්‌.සී. පිල වෙනුවෙන් වේගවත් අර්ධ ශතකයක්‌ දායාද කළ තිසර පෙරේරා නාවික කණ්‌ඩායමට එරෙහිව පන්දු 30 කදී හයේ පහර දහයක්‌ සහ හතරේ පහර හතරක්‌ සමග ලකුණු 84 ක්‌ ලබා ගැනීමට සමත් විය.

මීට අමතරව ඊයේ පැවැති තරගවලදී පිතිකරුවන් ලෙස සී.සී.සී. කණ්‌ඩායමේ කුසල් මෙන්ඩිස්‌ පන්දු 52 කදී ලකුණු 64 ක්‌ද, කෝල්ට්‌ස්‌ පිලේ කුසල් ජනිත් පෙරේරා පන්දු 35 කදී ලකුණු 64 ක්‌ද, සධීර සමරවික්‍රම පන්දු 45 කදී ලකුණු 56 ක්‌ද, යුද හමුදාවේ ලක්‍ෂාන් එදිරිසිංහ පන්දු 48 කදී ලකුණු 63 ක්‌ද, ගාල්ල ක්‍රීඩා සමාජයේ ඩිල්ෂාන් කාංචන පන්දු 48 කදී ලකුණු 50 ක්‌ද, ටැමිල් යුනියන් පිලේ ධනංජය ද සිල්වා පන්දු 38 කදී ලකුණු 55 ක්‌ද, බදුරලිය පිලේ ඩිල්ෂාන් කුරේ පන්දු 49 කදී ලකුණු 53 ක්‌ද, වරාය කණ්‌ඩායමේ යොහාන් ද සිල්වා පන්දු 42 කදී ලකුණු 53 ක්‌ද වශයෙන් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුහ.

පන්දු යෑවීමේදී රාගම කණ්‌ඩායමේ කුෂාන් වීරක්‌කොඩි (31/4), ගාල්ල කණ්‌ඩායමේ රජිත් ප්‍රියාන් (18/4) සහ එස්‌.එස්‌.සී. කණ්‌ඩායමේ ආකාශ් සේනාරත්න (22/4) දස්‌කම් දැක්‌වූහ.

තරග ප්‍රතිඵල

එස්‌.සී.ට ලකුණු 107 ක ජයක්‌

එස්‌.එස්‌.සී. පන්දුවාර 20 කදී කඩුලු 5ට ලකුණු 203 යි. (දිමුත් කරුණාරත්න 57, දසුන් ශානක 34, තිසර පෙරේරා 84,  නාවික පන්දුවාර 18.3 කදී සියල්ල දැවී ලකුණු 96 යි. (එස්‌.ලීලරත්න 35, ආකාශ් සේනාරත්න 22/4 යි.

සී.සී.සී. සහ යුද සමවෙයි

සී.සී.සී. පන්දුවාර 20 කදී ලකුණු 142 යි. (ඩිල්ෂාන් මුණවීර 26, කුසල් මෙන්ඩිස්‌ 64, සීක්‌කුගේ ප්‍රසන්න 25/4 යි.) යුද පන්දුවාර 20 කදී කඩුලු 9ට ලකුණු 142 යි. (දුෂාන් විමුක්‌ති 24, ලක්‍ෂාන් එදිරිසිංහ නොදැවී 63, නුවන් තුෂාර 25/3, ළහිරු මධුෂංක 26/2 යි.)

රාගමට එරෙහිව චිලව්ට ලකුණු 15 ක ජයක්‌

චිලව් මේරියන්ස්‌ පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 146 යි. (රෝහිත් දමෝදරන් 42, මලින්ද පුෂ්පකුමාර 20, දසුන් සෙනෙවිරත්න 20, ඉෂාන් ජයරත්න 29/2, කුෂාන් වීරක්‌කොඩි 31/4 යි.

රාගම පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 131 යි. (ෂෙහාන් ප්‍රනාන්දු 33, ළහිරු තිරිමාන්න 23, ඉසුරු උදාන 13/2, අසිත ප්‍රනාන්දු 25/2, මලින්ද පුෂ්පකුමාර 25/2 යි.)

ගාල්ල සහ ටැමිල් යුනියන් කරට කර නවතියි

ගාල්ල පන්දුවාර 20 කදී කඩුලු 5ට ලකුණු 138 යි. (ඩිල්ෂාන් කාංචන 50, හර්ෂ රාජපක්‌ෂ 43, චානක විඡේසිංහ නොදැවී 23 යි.)

ටැමිල් යුනියන් පන්දුවාර 20 කදී කඩුලු 9ට ලකුණු 138 යි. (ධනංජය ද සිල්වා 55, ජීවන් මෙන්ඩිස්‌ 29, රජිත් ප්‍රියාන් 18/4, උදාර රණසිංහ 19/3 යි.)

කුරුණෑගල බදුරලියට පරදියි

කුරුණෑගල පන්දුවාර 20 කදී කඩුලු 9ට ලකුණු 125 යි. (රුවන්ත ඒකනායක 41, කේශාන් විඡේරත්න 27, දිලීෂ් ගුණරත්න 12/3, අලංකාර අසංක 31/3, සචිත් වීරසිංහ 16/2 යි.)

බදුරලිය පන්දුවාර 19.3 කදී කඩුලු 4ට ලකුණු 129 යි. (පැතුම් නිශ්ශංක 29, ඩිල්ෂාන් කුරේ 53, නදීර නාවල 21, මලික්‌ කුරේ 18/2 යි.)

වරාය කෝල්ට්‌ස්‌ට පරදියි

වරාය පන්දුවාර 19.1 කදී සියල්ල දැවී ලකුණු 147 යි. (යොහාන් ද සිල්වා 53, යශෝද ලංකා 24, ප්‍රසාන් වික්‍රමසිංහ 21, අකිල ධනංජය 25/2, කවිශ්ක අන්ජුල 14/2 යි.)

කෝල්ට්‌ස්‌ පන්දුවාර 18.5 කදී කඩුලු 4ට ලකුණු 150 යි. (කුසල් ජනිත් පෙරේරා 64, සධීර සමරවික්‍රම 56, රනේෂ් පෙරේරා 20/2 යි.)

ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යායයෙන් එන්.සී.සී.ට ලකුණු 29 ක ජයක්‌

බී.ආර්.සී. පන්දුවාර 20 කදී කඩුලු 9ට ලකුණු 143 යි. (ටී.එන්. සම්පත් 44, රුමේෂ් බුද්ධික 33, ලසිත් මාලිංග 24/3, µර්වීස්‌ මහරුµa 22/2 යි.)

එන්.සී.සී. පන්දුවාර 10.3 කදී කඩුලු 1ට ලකුණු 93 යි. (නිරෝෂන් දික්‌වැල්ල නොදැවී 38, උපුල් තරංග 35, දිනේෂ් චන්දිමාල් නොදැවී 11, රාමනායක 4/1 යි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *