උපුල්ගෙන් මල් වෙඩි – මාලිංග සුපිරි දක්ෂතා අතරට .!

මේ දිනවල පැවැත්වෙන පළමුපෙල තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයන් කිහිපදෙනෙක් සහ වර්තමාන ලංකා කණ්ඩායමේ බොහෝ දෙනෙක් ක්‍රීඩා කරන එන් සි සි කණ්ඩායම හා බි ආර් සි කණ්ඩායම අතර පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බි ආර් සි ක්‍රීඩකයන් කඩුලු 9 කට 143/9 ක් ලබා ගත්තා.

මෙහිදී ඩිල්ශාන්ගේ සහෝදරයෙක් වන නායක ටි එම් සම්පත් ලකුණු 44 හා බුද්දික 33 ක් ලබා ගත්තා පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක් කල සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පන්දුවාර 4 ට ලකුණු 24 ක් දී කඩුලු 3 ක් ලබා ගත්තා. එසේම ලහිරු කුමාර පන්දු වාර 4 ට ලකුණු 13 කට කඩුලු 1 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එන් සි සි කණ්ඩායම වර්ෂාව නිසා තරගය නතර කරද්දී අවශ්‍යව තිබුනේ ලකුණු 66 ක් පමණයි. එහෙත් එහෙත් පන්දුවාර 10.3 දී 99/1 ලබා තරගය ජයග්‍රහණය කළා. එන් සි සි ආරම්බක පිතිකරුවන් වන උපුල් තරංග හා දික්වැල්ල පන්දු වාර 4.4 වන විට ලකුණු 53 ක් ලබා තිබියදී උපුල් දැවී ගියේ ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 35 කට. ඊට හයේ පහර 4 ක් හා 4 පහර 2 ක් ඇතුලත්. දික්වැල්ල පන්දු 28 කට 38 යි. එයට හතරේ පහර 6 ක් ඇතුලත්.

මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා වර්තමාන නායක චන්දිමාල්ද ක්‍රීඩා කරන අතර ඔහු නොදැවී ලකුණු 11 ලබා ගත්තා.මේ වන විට 20 20 දේශීය තරගාවලියේ වැඩිම කඩුලු ලාබින් අතර දෙවන ස්ථානයේ සිටින අතර තරග 3 කට කඩුලු 8 ක් ලබා සිටිනවා. එය කඩුල්ලකට සාමාන්‍ය 10 ක්.

පන්දුවාරයකට ලකුණු ලබා ගැනීමේ වේගය ලකුණු 7 ක්. ඉතින් එසේනම් මාලිංගට දේශීය තරගාවලියේ ක්‍රීඩා කර නැවත සුදානම් බව පෙන්වන්නට කියූ තේරුම් කමිටුව එය නොසලකා එම ලයිස්තුවේ පහතින් සිටින්නන් තෝරා තිබෙනවා.මෙය අන්ත පලිගැනීමක වන අතර වර්තමාන ක්‍රීඩා ඇමති සමග ඇතිවූ ගැටුම මෙම කැපිල්ලට හේතුවූ බවයි.

පසුගිය කාලයේ වාර්තා වුයේ. වත්මන් ක්‍රීඩා ඇමති තාමත් එම තනතුර දැරීම මාලිංග දක්ෂතා අතර සිටියදී අප ඇස ඉදිරියේ කුනුකුඩේට යාම එකම හේතුව විය යුතුයි. මේ කරුණු කාරනා මත මාලිංගගේ දක්ෂතා වලටද මෙය ප්‍රශ්නයක් වන අතර මෙවැනි අවනඩු කීමට අප රටේ කිසිවකු නොමැතිවීම අප රටට හෙන ගැසීමටද හේතුවක් වී ඇත. ලෝකයක් හෙල්ලූ ඔහුට මෙවන් හතුරුකම් කරනවානම් මේ රටේ කුහකයින් ඔබට මට කුමක් කරාවිද? ඔබ ඔබගේ අනාගතය සිතන්න. රටක් ලෙස ඔබ රට ගැන සිතනවානම් නැවත ඒ ගැන සිතන ලෙස අප ඔබට යෝජනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *