“ශ්‍රී ලංකාව සිටින්නේ බංග්ලාදේශයටත් පහලින්” ඉන්දියානු විචාරකයන් ශ්‍රී ලංකාවට ගරහයි .!

ලබන මාර්තු මසදී ශ්‍රී ලංකාව ඉන්දියාව හා බංගලාදේශය සහභාගී වන නිදහස් කුසලාන තරඟාවලියේ දෙවනුවට වඩාත් ප්‍රබලතම කණ්ඩායම බංගලාදේශය බව ඉන්දියානු විස්තර විචරකයෙකු වන සන්ජේ මන්ජෙකාර් පවසයි.

ඉන්දියාව මෙම තරඟාවලියට සහභාගී වන ප්‍රබලම කණ්ඩායම බව ඔහුගේ අදහස වී ඇත. කෙසේ වෙතත් නිමාවූ ශ්‍රී ලංකා – බංගලාදේශ එක්දින ටෙස්ට් සහ විස්සයි 20 තරඟාවලියන්හිදි බංගලාදේශ කණ්ඩායම ඔවුන්ගේ බිමේදීම අන්ත පරාජයකට ලක්විය.

එලෙසම මෙම තරඟාවලිය පැවැත්වෙන්නේද ශ්‍රී ලංකාවේ නිසා වැඩි වාසි සත්කාරක රටට හිමිවීම නිතැතින්ම සිදුවන්නකි. කෙසේ වෙතත් තුන්ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන් සහ මුස්ටෆිසර් රහමාන් එක්වූ පසු ශ්‍රී ලංකා කණ්ඩාමට වඩා බංගලාදේශ ප්‍රබල බව ඔහුගේ අදහස වී තිබේ.

එසේම ටමීම් ඉක්බාල් සහ විස්සයි 20ට සමුදුන් හිටපු නායක මෂ්රෆේ මොටාසා පිලිබඳවද මන්ජෙකාර් බලාපොරත්තු සහගතව අදහස් පළ කරයි. විස්සයි 20 ක්‍රීඩා කිරීමට මොටාසා නැවත කැමත්ත පළකලහොත් ඔහුට නායත්වය ලබාදෙන බව බංගලදේශ ක්‍රිකට් ප්‍රධානිය පසුගියදා ප්‍රකාශ කළ අතර, ඔහුගේ නායකත්වය යටතේ බංගලදේශ කණ්ඩායම තවදුරටත් ශක්තිමත් වන බව මන්ජරේකාර් වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයින් 05දෙනෙකුට නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙන බවඉන්දීය මාධ්‍ය අද වාර්තා කලා. ඒ, නිත්‍ය නායක විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා සහ හර්දික් පාන්ඩෙයා යන ක්‍රීඩකයින් පස් දෙනාටයි.

දකුණු අප්‍රිකානු සංචාරයෙන් අනතුරුව ඔවුන් විවේක ගැන්වීම සඳහා එකගතාවකට පැමිණි බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ. ඒ අනුව නිදහස් කුසලාන තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ රෝහිත් ශර්මායි. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගී වන නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 06වනදා ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී මාර්තු 18වනදා දක්වා එය පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *