විස්සයි විස්ස තරගය අදයි , ජයග්‍රහනය කළොත් ශ්‍රී ලංකාව ඉදිරියටම .!

බංග්ලාදේශයේ පැවැති ටෙස්‌ට්‌ (1-0) තරගාවලිය මෙන්ම තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියද ජය ගත් ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේත් ජය සොයා අද පළමු තරගයට බංග්ලාදේශය සමගින් සහභාගි වේ. ධාකා හි පිහිටි ෂෙයා බංග්ලා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව.4.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සමග විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 88 ක්‌ බැගින් ලබා සම තත්ත්වයට පැමිණ සිටින ඇෆ්ගනිස්‌ථානයට ‘වංගුවක්‌’ දමා ඉදිරියට පැමිණීමට නම් ශ්‍රී ලංකාව මෙම තරග දෙකම ජය ගත යුතුවේ. තරගාවලිය 1-1 ක්‌ ලෙස සම වුවහොත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව (88) වෙනසක්‌ නොවන අතර තරග 2-0 ක්‌ වශයෙන් ජය ගතහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 91 දක්‌වා ඉහළ යනු ඇත. යම් හෙයකින් තරගාවලිය පරාජයට පත්වුවහොත් විස්‌සයි විස්‌ස ශ්‍රේණිය ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 84 ක්‌ දක්‌වා අඩු වන අතර එවිට ඇෆ්ගනිස්‌ථානයට වඩා පසුපසින් ශ්‍රේණිගත වීමට ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු වරට සිදුවේ.

බංග්ලාදේශ නිත්‍ය විස්‌සයි විස්‌ස නායක ෂකිබ් අල් හසන්ගේ ඇඟිල්ලේ ආබාධය සුව නොවීම හේතුවෙන් කණ්‌ඩායම මෙහෙයවීම මහමුදුල්හාට පැවරී තිබේ. ෂකීබ්ගේ දඟ පන්දු යෑවීමේ අඩුව පිරීමැසීම සඳහා බී.පී.එල්. තරගාවලියෙන් සොයා ගත් නස්‌මුල් ඉස්‌ලාම්ව කණ්‌ඩායමට කැඳවා තිබේ. මීට අමතරව නවක ක්‍රීඩකයන් පස්‌දෙනෙක්‌ බංග්ලාදේශ විස්‌සයි විස්‌ස සංචිතයට ඇතුළත් කර තිබේ.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක්‌ පැවැති විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර තරග හතෙන් පහක්‌ම ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර තරග දෙකක්‌ පමණක්‌ බංග්ලාදේශය ජය ගෙන තිබේ. 2014 දී ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ පැවැති විස්‌සයි විස්‌ස ලෝක ශූරතාවද දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව පසුගිය වසරේ සහභාගි වූ විස්‌සයි විස්‌ස තරග 15 කින් දහයක්‌ පරාජයට පත්වූ අතර ජය ගත්තේ තරග පහක්‌ පමණි. බංග්ලාදේශය එම වසරේදී සහභාගි වූ විස්‌සයි විස්‌ස තරග හතකින් ජය ගෙන ඇත්තේ එක්‌ තරගයක්‌ පමණි.

ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස කණ්‌ඩායම

දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්‌වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුෂංක, ජෙෆ්රි වැන්ඩ්‍රසි, අකිල ධනංජය, අමිල අපොන්සු, ජීවන් මෙන්ඩිස්‌, අසිත මෙන්ඩිස්‌

බංග්ලාදේශ විස්‌සයි විස්‌ස සංචිතය

මහමුදුල්හා (නායක), තමිම් ඉක්‌බාල්, සෞම්‍ය සකාර්, මුෂ්µsකර් රහීම්, සබීර් රෙහමාන්, මුස්‌ටµsසුර් රහමන්, රුබෙල් හසන්, මොහොමඩ් යසිඩින්, අබු හයිඩර්, අබුජෙයිඩ්, රිµqල් හක්‌, මෙහෙදි හසන්, අµSෆ් හුසේන් සහ නස්‌මුල් ඉස්‌ලාම්

විස්‌සයි විස්‌ස ශ්‍රේණිගත කිරීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *