නුවන් නමට කවි ගී ලියවුනා මදි .!

ඔහුගේ මංගල කඩුලු පහේ සීමාවට සුභ පතා පෝස්ටුවක් සැදීමට ඔහුගේ ඡායාරූපයක් සොයා අන්තර්ජාලයට ගියෙමි. පුදුමයකි. ඔහුගේ ඡායාරූප අන්තර්ජාලයේම තිබුනේ කිහිපයක් වන අතර ඒවාද මාගේ අවශ්‍යතාවයට සරලන තරම් පැහැදිලි ඒවා නොවීය. ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ඡායාරූප අන්තර්ජාලයේ ඔනෑ තරම් තිබෙනා අතර වර්තමානයේ පාසල් ක්‍රීඩකයන්ගේ පවා ගුණාත්මක බවින් ඉහල ( High Resolutin) ඡායාරූප අන්තර්ජාලයේ තිබේ. නමුත් මට ඔහුගේ එවැනි ඡායාරූපයක් සොයා ගැනීමට නොහැකි වුනි.

ඔහු වසර පහක් තිස්සේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනා ක්‍රීඩකයෙකි. ඔහු කරනා සේවයට එතරම් පැසසුම් නොලබන ක්‍රීඩකයෙකි .!

 

ගාලු තණතීරුව සකස් කර තිබුනේ සම්පූර්ණයෙන්ම පිතිකරුවන්ට උචිත වන පරිදිය.
වෙනදා මෙන් පන්දු යවන්නන්ට තණතීරූවෙ කිසිම සහයක් තිබුනේ නැත.
කෙසේ නමුත් ඔහු සිය උත්සාහය අත් හැරියේ නැත.
සීමය හරියටම බිම වද්දා නිසි එල්ලයට පන්දු යැවීය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ ලබා ගත්තේ කඩුලු තුනකි. එම කඩුලු තුනම ඔහුගේ පන්දු යැවීමෙනි.
සිය ටෙස්ට් තරග ඉතිහාසයේ මංගල කඩුලු පහ ලබා ගනිමින් ඔහු කඩුලු හයක් බිද හෙලීය.

ඔහු නමින් නුවන් ප්‍රදීප් ය.

ටෙනිස් බෝලයෙන් සිය ක්‍රිකට් ගමන අරබා සැහැල්ලු පන්දු තරගාවලියකින් ජාතික කණ්ඩායමට පැමිනි ඔහු අද ශ්‍රී ලංකාවේ හොදම වේග පන්දු යවන්නාය.
නිසි පාලනයකින් නිසි එල්ලයට දෝළණය කරමින් මේ ගමෙන් පැමිනි කොල්ලා කුඩා කල සිට සිට ලෙදර් පන්දුවෙන් ටර්ෆ් ක්‍රීඩාවේ නිරතව ජාතික කණ්ඩයාමට පැමිනි ක්‍රීඩකයන්ට වඩා හොදින් පන්දු යවයි.
එය නම් සහජ හැකියාවය.
ගාල්ල පැතලි තණතීරුවේ පන්දුව දෝළණය කරනා නුවන් එංගලන්තයේ , ඕස්ට්‍රේලියාවේ සිටියා නම් ජිමි ඇන්ඩර්සන් කෙනෙකු , මැක්ග්‍රාත් කෙනෙකු වීමට පවා තිබුනි.

 

නුවන් ප්‍රදීප් ඔබ වීරයෙකි.
බිංදුවේ සිට කැපවීමෙන් දෛ‍ර්‍යෙන් ඔබ පැමිනි මේ ගමනේ අනන්තවත් බාධක හා කම්කටොලු තිබෙන්නට ඇත.
ඒ සියල්ල ජයගෙන අද ශ්‍රී ලංකාවේ හොදම වේග පන්දු යවන්නා සිටින ඔබ වීරයෙකි.

 

One thought on “නුවන් නමට කවි ගී ලියවුනා මදි .!

  • July 28, 2017 at 1:02 am
    Permalink

    නුවන් ප්‍රදීප් මීගමුව කොච්චිකඩේ , බම්බුකුලිය ප්‍රදේශයේ උපන් කටාන විද්‍යාලෝක විදුහලේ ඉගෙනුම ලැබූ අයෙක් .
    පාසල් වියේ ලෙදර් බෝලෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ අයෙක් නොවේ .
    නමුත් ගමේ සෑම ටෙනිස් බෝල ක්‍රිකට් තරගයකදීම දැකිය හැකි අනිවාර්ය ක්‍රීඩකයෙක් ව සිටියා.
    සිරස නාලිකාව සංවිධානය කළ වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයා තේරීමේ වැඩ පිළිවෙලින් ජාතික තලයට ආවා .

    ඔහුගේ ගමේ පාසලටක ක්‍රිකට් තරගාවලියක් සදහා ඔහු පූර්ණ අනුග්‍රහය දැක්වූවත් නම සදහන් කරනවාටවත් අකමැති විය.
    මෙම පාසල ඔහු උගත් පාසල ද නෙවෙයි .

    බදු මුදල් වලින් නොයෙකුත් ඉදිකිරීම් කර තම නම් ඒවායේ සටහන් කරන දේශපාලනඥයින් සිටින රටක මෙවැනි නිහතමානී ක්‍රීඩකයන් කොතරම් උසස් ද???

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *