මහේලගේ තවත් අනාවැකියක් සත්‍ය වේ – විරාත් කෝලී සතුටින් .!

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරඟමාලාව ආරම්භ වුනේ ක්‍රිකට් ප්‍රවීණයන්ගේ දැඩි අවධානයත් එක්ක,ඒ නිසාම මේ තරඟාවලියට ලෝකය පුරාම ලොකු අවධානයක් තිබුන.ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රවීණයෝ තරඟාවලිය ගැන කිව්වේ තරඟාවලිය ඉන්දීය කණ්ඩායමට අමාරු වෙන එකක නෑ කියල,ඒ නිසා පෙර හුරුතරඟයකුත් නැතුව තමයි ඉන්දියාව මේ තරඟාවලිය ආරම්භ කරන්නේ,එහෙම ආරම්භ කරන තරඟාවලිය ගැන දකුණු අප්‍රිකා ප්‍රවීණයෝ කිව්වේ ඉන්දියාවට මේ තරඟාවලියේ විශාල පරාජයක් ලැබෙයි කියල.

තරඟාවලිය ආරම්භ කරද්දී තරඟාවලිය ගැන විදෙස් මාද්‍ය එක්ක අදහස් දක්වල තිබුන මහේල ජයවර්ධන කියල තිබුනේ තරඟාවලිය තියුණු තරඟාවලියක් වෙයි කියල.ඒ වගේම කණ්ඩායම් දෙකේම පන්දු යැවීමේ බලකායේ ලොකු වෙනසක් නැති බවත් රටවල් දෙකටම පන්දු යැවීමෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෝ ඉන්න නිසා පීඩනය දරාගෙන හොඳට පන්දු යවන්නන්ට මුහුණ දෙන පිතිකරණය තරඟාවලියේ ප්‍රතිපලය වෙනස් කරයි කියල තමයි මහේල කියල තිබුනේ.

තරඟාවලිය ආරම්භ කරමින් තිබුන පලවෙනි තරඟයේදී ඉන්දියා කණ්ඩායමට වඩා පිත්තෙන් හොඳ දක්ෂතා පෙන්නපු දකුණු අප්‍රිකා කණ්ඩායම තරඟය දිනුවේ ලකුණු 72කින්.පන්දු යවන්නොන්ගේ පාලනයට නතු වුන මේ තරඟයේ දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට ලොකු දෙයක් කරන්න ලැබුනේ නෑ.

තරඟාවලියේ දෙවැනි තරඟය තිබුනේ සෙන්චුරියන් පාක් වලදී ඒ තරඟයේ ත් ජයග්‍රහණය ලැබුනේ දකුණු අප්‍රිකා කණ්ඩායමට,මේ තරඟයේදී ත් දෙරටේම පන්දු යවන්නෝ හොඳ පාලනයකින් පන්දු යැව්වත් ඉන්දීය පිතිකරුවන් දකුණු අප්‍රිකා පිතිකරුවන්ට සාපේක්ෂව දුර්වල වීම නිසා තරඟය දිනුවේ දකුණු අප්‍රිකාව.

තුන්වෙනි තරඟය තමයි මේ තරඟාවලියේ තිබුන වඩාත්ම කතාබහට ලක්වුණ තරඟය,තරඟය තිබුනේ ජොහැන්නස්බර්ග් වල,තරඟයේ තණතිල්ල පිතිකරුවන්ට මාරාන්තික ප්‍රතිපල ගේන තනතිල්ලක් කියල අවසථා කීපයක්ම තරඟය නවත්තවන්නත් විනිසුරුවන් කටයුතු කලත් රටේ නායකයෝ දෙන්නගේම කැමැත්තෙන් තරඟය දිගටම තියන්න එකඟ වීමත් එක්ක තරඟයේ ප්‍රතිපලයක් වෙනකන් පවත්වන්න හැකි වුනා.

තරඟයේ වැඩි දක්ෂතා පිත්තෙන් පෙන්නපු ඉන්දියාව තරඟය ලකුණු 63 කින් ජය ගනිද්දී රටවල් දෙකේම පන්දු යවන්නෝ මේ තරඟයේ ත් සුපිරි දක්ෂතා පෙන්වන්න සමත් වුනා.

බැලු බැල්මට ගොඩක් ඉස්සරහින් ඉන්නවා වගේ පෙනුන දකුණු අප්‍රිකා වේගපන්දු බලකායයි ඉන්දියා වේගපන්දු බලකායයි අතර ලොකු වෙනසක් නෑ කියල මහේල කියපු කථාව සැබෑ වෙද්දී තමන්ගේ රටේ තරඟය තියෙද්දිත් දකුණු අප්‍රිකා පිතිකරුවන් කාටවත් මේ තරඟාවලියේ ඉනිම 6 යේම එකම ශතකයක්වත් ගන්නත් බැරි වුන එක තවත් විශේෂත්වයක් වුනා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *