සංගා යෙහාලිට ලොව මිල අධිකම අතුරුපස තෑගී කරලා , වටිනාකම ලක්ෂ 38යි , ප්‍රකෝටීපතියන්ට පමණයි .!

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ප්‍රසිද්ධව සිටින්නේ සිය බිරිදට දැඩිව ආදරය කරන්නෙකු ලෙසටයි. සංගා යන ආදරණීය අන්වර්ථ නමින් රසිකයන් විසින් හදුන්වන කුමාර් සංගක්කාර මෙලෙසින් සිය බිරිද වන යෙහාලි සංගක්කාර සතුටු කිරීමට කළ දෙයක් පිළිබදව වාර්තා වෙනවා.

එනම් ලොව සුපිරිම ධනවතුන් පවා විශේෂ අවස්තාවල් වලදි ආහාරයට ලබා ගන්නා මිළ අධිකම ඝනයට වැටෙන , හයි එක්ස්පෙන්සිව් වර්ගයේ අතුරුපසක් සංගා , සිය බිරිඳට තෑගී කොට තිබෙන බව වාර්තා වෙනවා. මෙම අති සුඛෝපභෝගී ක්ලාස් ඒ පන්නයට අයත් අතුරුපස , කේක් ආකෘතියට සාදන ලද අතුරුපසකි.

මැරී මී ලෙස හැදින්වෙන මෙම කේක් අතුරුපස නිපදවෙන්නේ ලොව සුපිරිම ධණවතුන්ට සිය පෙම්වතියට විවාහ යෝජනා කරන අවස්තාවට පිළිගැන්වීමටයි. ශ්‍රී ලංකාවේ මෙම මැරි මී අතුරුපස මිළදී ගැනීමට තිබෙන්නේ නුවර , ක්වීන්ස් හෝටලයේදී පමණක් වන අතර , එම කේක් අතුරුපස හෝටල් සේවා ගාස්තු නොමැතිව රුපියල් ලක්ෂ තිස් අටක් පමණ වනවා.

කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම ව්‍යාපාරිකයෙක්ද වන අතර , ක්‍රීඩා කරන සමයේදීම සිය කළමණාකරු චාලි ඔස්ටින් සමග ව්‍යාපාර වල ආයෝජනය කර වූවා. ලයිව් ඉවෙන්ට්ස් , මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් , කිමිං පවර් , සැන්ඩල් කල්ටිවේෂන් , වැනි ව්‍යාපාර රාශියක සම හිමිකාරීත්වය කුමාර් සංගක්කාර , මහේල ජයවර්දන සහ චාලි ඔස්ටින් දරනවා. එම නිසා ලක්ෂ 38ක් අතුරුපසකට වියදම් කිරීම සංගාට එතරම් දෙයක් නොවන බවද සදහන්.

කුමාර් සංගක්කාරට ශ්‍රී ලංකාවේ ඇති ව්‍යාපාර සහ ඒවායේ ව්‍යාපාරික සහකරුවන් පිළිබදව සම්පූර්ණ විස්තර දැන ගන්න මෙතන ක්ලික් කරන්න

මේ අතුරුපස සකස් කිරීමට විදේශීය රටවලින් ද අමුද්‍රව්‍ය ආනයන කළ බවත් අතුරුපස භාජනයෙහි කුඩා නෙළුම් කුලුනක් මත වටිනා මැණික් ගලක්ද තැන්පත්කොට තිබුණ බවත් වාර්තා විය. කෙසේ වෙතත් ලොව ප්‍රමුඛතම ධණවතෙක් වන ෆේස්බුක් හිමිකරු , මාර්ක් සකර්බර්ග් පවා සිය බිරිදගේ විවාහ උත්සවයට මෙවැනි මැරී මී අතුරුපසක් ලබා නොගත් බව විදෙස් මාධ්‍ය වාර්තා වුණා.

ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාවට ලක්ෂ 38ක් යනු ජිවීත කාලයම ජීවත් විය හැකි මුදලක් වද්දි , හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අතුරුපසක් ලක්ෂ 38ක් වීම තුල පෙනි යන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් කොපමණ වරප්‍රසාද සහ දීමනා භුක්ති විදීමදැයි විචාරකයන් සදහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *